නැගෙනහිර පර්‍යන්තය ගැන රජයේ තීන්දුව්ට පසු ඉන්දීය මහකොමසාරිස් ජනපති, අගමැති විදෙස් ඇමති හදිසියේම හමුවෙයි.

February 3, 2021 at 10:09 AM

කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය සම්පූර්ණයෙන් ශ්‍රීලංකා වරාය අධිකාරිය යටතේ පාලනය කිරීමට අදාල කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසු මෙරට ඉන්දීය මහකොමසාරිස් වරයා ඊයේ ජනපති ,අගමැති සහ විදේශ ඇමතිවරයා හමුවී තිබේ.

මෙම සාකච්ඡාව ගැන කල විමසීමකදී මහකොමසාරිස් කාර්‍යාල ආරංචි මාර්ග සඳහන් කලේ වරාය සංවර්ධන කටයුතුගැන එම සාකච්ඡා පැවැති බවයි.

ඉන්දියාවේ පළවන ද හින්දු පුවත් පතද මේ බව වාර්තා කර තිබුණි.

රජය තීරණය කර ඇත්තේ කොළඹ වරායේ බටහිර පර්‍යන්තය ඉන්දීය හා ජපාන ආයෝජන සමග සහයෝගීතාවයෙන් සිදුකිරීමටයි.