කොළඹ දිස්ත්‍රික්කය යලිත් වරක් අවදානම් තත්ත්වය කට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.
ඊයේ එම දිස්ත්‍රික්ක යෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 480කි.
ඊයේ සමස්තය 843ක් වන පසුබිමක ඉන් හරිඅඩකටත් වඩා මෙලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම කැපී පෙනෙන අවදානමකි.
කොළඹ 1-15 සියලු ප්‍රදේශවලින්ම ආසාදිතයින් වාර්තා වන අතර ,දිස්ත්‍රිකය පුරා ආසාදිතයින් සැලකියයුතු ප්‍රමාණයක් වාර්තාවන ප්‍රදේශ හඳුනාගැනීම අවදානම් තත්ත්වයක් විය හැකිය.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 24න් ම ආසාදිතයින් වාර්තාවන නමුත් ඉන් දිස්ත්‍රික්ක 15ක ම ආසාදිතයින් ගණන 10 කට වඩා අඩුය.