දෙවන කොරෝනා රැල්ල තුළ වෛද්‍යවරුන් 100 කට පමණ ආසන්න පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ මේ මොහොත වනවිට වෛද්‍යවරුන් 40 දෙනෙකු කොවිඩ් මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවයි.
රට තුළ වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඊයේ දිනයේදී වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 887 ක්.
ඊයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් 337 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 136 ක්, කළුතරින් 71 ක්, මාතලෙන් 51 ක්, මහනුවරින් 49ක්, ගාල්ලෙන් 47 ක්, කුරුණෑගලින් 33 දෙනෙකු, අම්පාරෙන් 29 දෙනෙකු, රත්නපුරින් 25 දෙනෙකු සහ පොළොන්නරුවෙන් 21 දෙනෙකු ලෙස ඊයේ ආසාදිතයින් වාර්තාවී තිබෙනවා.
මේ අතර ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතර යුක්රේනයේ සිට පැමිණි අයෙකුද වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ.