ප්‍රවීණ මාධ්‍යවේදියෙකු කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 99 හැවිරිදි වියේ පසුවූවා.
1922 දෙසැම්බර් 03 වන දින ගාල්ලේ, උණවටුන ප්‍රදේශයේදී උපත ලැබූ ආරියදාස මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ සහසීලෝන් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඉගැන්වීම ඔහුගේ පළමු වෘත්තිය වූ අතර පසුව ඔහු රක්ෂණ ක්ෂේත්‍රයට පිවිසියා.
1949 වර්ෂයේ දී ලේක්හවුස් ආයතනය හා සම්බන්ධ වූ ඔහු ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජේවර්ධනයන් සමඟ වැඩ කළ දැනට ජිවතුන් අතර සිටි එකම පුද්ගලයා වුවා. 1950 දී අභාවප්‍රාප්ත වූ ඩී. ආර්.විජේවර්ධන අභාවප්‍රාප්ත වුවා.
ඩේලි නිවුස් ඇතුළු ලේක් හවුස් විසින් ප්‍රකාශයට පත් කරන ලද බොහෝ පුවත්පත් හා සම්බන්ධ වී එඩ්වින් ආරියදාස සේවය කරනු ලැබුවා. ඔහු කලක් නවයුගය පුවත්පතේ හි කර්තෘ ධුරය හෙබවුවා.
පසුව ඔහු දේශීය විශ්වවිද්‍යාලවල ජන සන්නිවේදන හා මාධ්‍ය පාඨමාලා පිහිටුවීමට දායක විය. බුදුදහම හා වර්තමාන මාතෘකා පිළිබඳ කීර්තිමත් ලේඛකයෙකු වන ඔහු පුවත්පත් සහ සඟරා සඳහා සිය දායකත්වය ලබාදුන් අතර සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් පොත් කිහිපයක් රචනා කර ඇත.