ජංගම දුරකථන සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන මුල්‍ය වංචාවක් ගැන මහ බැංකුව අනතුරු අඟවයි

January 22, 2021 at 9:26 AM

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මුල්‍ය වංචා සිදු කෙරෙන බව තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව ජනතාවට දැනුම් දී සිටිනවා.

මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවත් එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සදහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඹවනු ලබන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් මහජනතාව අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.