COVID-19 එන්නත් ලබා දීම පිළිබඳව පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 03ක හෙට(23) පෙරහුරුවක් සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
මේ අතර Oxford-AstraZeneca කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද සඳහන් කර සිටියා.