කන්තලේ ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා උපකාරක පංති පැවැත්වූ ගුරුවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් දහසකට (1,000) ආසන්න පිරිසක් නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.
කාත්තන්කුඩි ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන එම ගුරුවරයාගේ පියාට සහ නැගණියටත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව අද දිනයේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
මේ අතර මෙරට තුළ යම් හෝ කොවිඩ් නව ප්‍රභේදයක් සංසරණය වන්නේ ද යන්න සම්බන්ධයෙන් “ජෙනරල් සික්වන්සින්” පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කර සිටිනවා.
“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපගේ විද්‍යාගාරයේ මේ වන විට “ජෙනරල් සික්වන්සින්” පරීක්ෂණ පටන්ගෙන තියෙන්නේ. පරික්ෂණාගාරයට රටේ විවිධ ප්‍රදේශවලින් මේ වනවිට ජෛව සාම්පල ලැබිලා තියෙන්නේ. ඒ පරීක්ෂණ හෙට දිනයේ සිට ක්‍රියාත්මක වෙනවා. දින 3 – 4ක් යන විට අපිට මෙහි වාර්තා ලැබෙයි. වාර්තා ලැබුණු විගස අපි සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, වසංගත රෝග විද්‍යා ආයතනයටත් දැනුම් දෙනවා. මම හිතන්නේ මේ සික්වන්සින් කරලා පස්සේ අපි මේ සියලුම දත්ත ඩේටා බේස් එකට එක් කරනවා. එතකොට දක්නට ලැබෙයි. දැනට සංසරණය වන නව ප්‍රභේද තියෙනවද නැත්නම් ප්‍රභේද වල කිසියම් වෙනසක් තියෙනවාද යන්න ඉදිරි දින කිහිපය තුළ අපිට ලබා දෙන්න පුළුවන්.“ යැයි මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියා.