ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම විනිමය අනුපාතය අනුව රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල අද පළවෙනි වරට රුපියල් 199 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 199.18ක් වූ අතර අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ලෙස රුපියල් 194.31ක් විය.
මේ අතර ඇතැම් රාජ්‍ය සහ වාණිජ බැංකුවල අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 200 ඉක්මවා ගොස් තිබුණා.