හොරගොල්ල වලව්වට හොරු පනියි

January 21, 2021 at 9:39 AM

ජනාධිපති ආරක්ෂක අංශය ද යොදවා තිබියදී නිට්ටඹුව හොරගොල්ල වලව්වේ දොරක් කඩා කිසියම් පුද්ගලයකු ඊයේ (20 වැනිදා) අලුයම ඊට ඇතුළුවී ඇති බව ​පොලිසිය පවසනවා.

වලව්ව අබියස බණ්ඩාරනායක සමාධියට ඇතුළු වන ගේට්ටුවේ පොලිස් මුරපොළක්ද තිබියදී මෙලෙස හොරෙකු ඇතුළුවීම විමතියට හේතු වී ඇත.

වලව්වේ පිටුපස දොරේ වීදුරුව බිඳ අගුල ඇරගෙන සැකකරු ඇතුළු වී ඇති බව මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මෙම පුද්ගලයා ඇතුළු වන අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය වලව්වේ සිට නැත. ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් 3 දෙනෙකු රාජකාරියේ සිට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හා නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

( අරුණ පුවත්පත)