මෙරට දිනක් තුල වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි

January 21, 2021 at 10:15 PM

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වී ඇත. ඒ අනුව අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 887ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

මිට පෙර දිනක් තුල වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 878 දෙනෙකු පසුගිය වසරේ දෙසැම්බර් මස 02 වෙනිදා වාර්තා විය.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,076ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,816ක් වනවා.

සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 47,984ක් වන අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 276ක්.