කොවිෂිල්ඩ් එන්නත නිපදවන ඉන්දියානු Serum කර්මාන්ත ශාලා සංකීර්ණයේ ගින්නක්

January 21, 2021 at 4:29 PM

ලොව විශාලතම එන්නත් නිපදවන ඉන්දියාවේ Serum ආයතනයේ කම්හලක ගින්නක් හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

“ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ බ්‍රිතාන්‍ය-ස්වීඩන් ඖෂධ සමාගමක් වන ඇස්ට්‍රාසෙනෙකා සමඟ සහයෝගීවයෙන් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවනු ලබන කොවිෂීල්ඩ් එන්නතේ නිෂ්පාදනයට මින් බලපෑමක් එල්ල නොවන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ. ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක ඇතිවී තිබෙන ගින්න නිවා දැමීමට මේ වන විට ගිනි නිවීමේ භටයින් දැවැන්ත වෑයමක් දරමින් සිටින අතර එහි සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට හැකිවූ බවයි ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ. “

ඉන්දියාවේ Serum ආයතනය පූනේහි අක්කර 100 ක් පුරා පැතිරී ඇති බවයි ඉන්දියාවේ එන්ඩීටීවී වාර්තා කරයි.