සෞඛ්‍ය නිර්දේශ ලැබෙන බස්නාහිර පාසල් විවෘත කිරීම පෙබරවාරි 15?

January 20, 2021 at 8:05 PM

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති අතර ස්වයං නිරෝධායනය වන අධ්‍යාපන අමාත්‍යවරයාද ඊට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

පවතින සෞඛ්‍ය අවදානම හේතුවෙන් සියලුපාසල් සම්බන්ධව පොදු තීරණයක් ලබා දීම කළ නොහැකි බව ද, එක් එක් කලාප සහ  කොට්ඨාස නියෝජනය කරන පාසල්වල පවතින  සෞඛ්‍යය තත්වය සහ පාසල් ආරම්භ කිරීමට  ඇති හැකියාව වෙන්වෙන්ව සොයා බලමින් එම තීරණය ගතයුතු බව ද මෙහිදී සාකච්ඡා විය.

ඒ අනුව බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි සඳහාපාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම එක් එක් දිස්ත්‍රික්කවල  දිසාපතිවරුන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රාදේශීය සංවර්ධන ආයතනසභාපතිවරුන් ඇතුළු සියලු පාර්ශවවල අදහස් විමසා බැලීමෙන් අනතුරුව සිදුකිරීමට මෙමසාකච්ඡාවේදී තීරණය විය.

මේ සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු විසින් ප්‍රාදේශීය සෞඛ්‍යනිලධාරීන් ද සහභාගී කරවා ගනිමින් පාසල් ආරම්භ කිරීම පිළිබඳ සුදුසු තීරණ ලබා දීමවෙනුවෙන්  ඒ අනුව ජනවාරි 28, 29,පෙබරවාරි 1 යන දිනයන් ගෙන් එක් දිනෙක රැස් වියයුතු ය.
තම ප්‍රදේශයට අයත් පාසල් අතරින් ආරම්භකිරීමට සෞඛ්‍ය අවදානමක් නොමැති පාසල් සම්බන්ධ එකඟතාවකට එළඹී  එම නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පෙබරවාරිමස 10 වන දිනට පෙර යොමු කළ යුතු අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේනිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව,

සෞඛ්‍ය නිර්දේශලැබෙන  බස්නාහිර පළාතේ  පාසල් පෙබරවාරි මස  15 වනදා වන විට ආරම්භ කිරීමට හැකියාව ලැබෙනුඇතැයි අපේක්ෂා කරන බව ද  අධ්‍යාපන ලේකම්මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙහිදී පැහැදිලි කළේය .