ඉහත ඡායාරූපයේ සඳහන් කොවිඩ් ආසාදිත පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වාලච්චේන පොලිස් ස්ථානාධිපති – දුරකථන අංක 071 859 11 38
හදිසි ඇමතුම් – 119
මොහු පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිතයෙකි.
ඊයේ (19) රාත්‍රී 7.30ට පම පළාගොස් ඇති මොහු 43 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
2021.01.13 වන දින පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකළ පසුව ඔහු කොවිඩ් රෝගියෙක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2021.01.17 වන දින ඔහු වාලච්චචේන පොලිස් වසමේ පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා තිබෙනවා. ඉන් පසුව ඊයේ රාත්‍රියේ 7.30ට පමණ මේ පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති බව වාර්තා වෙනවා.
ඔහු කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ අයෙක්. ඔහුගේ ස්ථීර ලිපිනය අංක 649 / බී, ආදාගොඩ, ඇහැළියගොඩ. 43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න නැමති මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවට ද වාර්තා වෙනවා. “
යැයි
පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේය
දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වීමෙන් පසුව කොවිඩ් රෝගීන් 14 දෙනෙක් පැනගොස් ඇති අතර , එසේ පැනගොස් ඇති සියලුදෙනා මත්කුඩු හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවට වාර්තා වේ.