සයිප්‍රසයේ සිට පැමිණි විදේශගත ශ්‍රමිකයින් 45කට කොවිඩ් : නව වෛරස් ප්‍රභේදයක් ද යන්න සොයා පරීක්ෂණ

January 20, 2021 at 9:45 AM

සයිප්‍රස්හි සිට පසුගිය සතියේ රැගෙන ආ විදෙස් ශ්‍රමිකයන් 45 දෙනාට ආසාදනය වී ඇත්තේ නව කොවිඩ් ප්‍රභේදයක්ද යන්න පිළිබඳ පරීක්ෂණ කිරීමට විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් යොදවා ඇති බව ” අරුණ” පුවත්පත වාර්තා කර සිටිනවා.

පසුගිය සතියේ විදෙස්ගත ශ්‍රමිකයන් 4200ක් මෙරටට ගෙන්වා ඇති අතර එම පිරිස අතර සයිප්‍රසයේ සිට පැමිණි පුද්ගලයන් 150 දෙනකුගෙන් 45 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

මෙම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම යුද හමුදාව කරන බවත් මෙම පැමිණෙන ශ්‍රමිකයන්ගෙන් සමාජයට කොවිඩ් ව්‍යාප්ත නොවන ලෙස කටයුතු කිරීමට වගබලා ගන්නා බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.