පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ දින (19) පැනගිය කොවිඩ් ආසාදිත රෝගියා ඇහැළියගොඩ පැල්පිටිය ප්‍රදේශයේ දී පොලිස් අත් අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.
පැනගිය රෝගියා 43 හැවැරිදි පිරිමි පුද්ගලයෙකි. නිරෝධායන ක්‍රමවේද යටතේ නැවත ප්‍රතිකාර සඳහා පිටත් කර යවා තිබෙනවා. එම රෝගියා වාලච්චේනිය සිට ඇහැළියගොඩ දක්වා පැමිණි ආකාරය සම්බන්ධව විමර්ශනය සිදු කෙරෙන බවත් ඔහුට විරුද්ධව නිරෝධායන නීතීන් යටතේ පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.