අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් නික්ම යාමට පෙර ඔහුගේ බාල දියණිය ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගෙන තිබෙනවා.එලෙස විවාහ ගිවිසගනු ලැබුවේ, ජනපති ට්‍රම්ප්ගේ දෙවන විවාහයේ එකම දරුවා වන ටිෆනි ට්‍රම්ප් ය .
27 හැවිරිදි ටිෆනි නයිජිරියානු සමාගම් සමූහයක හිමිකරුවකු වන 23 හැවිරිදි බූලොස් නමැති ව්‍යාපාරිකයෙකු සමග එලෙස විවාහ ගිවිස ගත් බවයි ඇය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.
” තම පවුලේ අවස්ථා රැසක මතක සටහන් ඇති ධවල මන්දිරයේදී සිය පෙම්වතා විසින් සිදුකළ විවාහ මංගල යෝජනාව ගැන තමන් සතුටට පත්වන බවත් එය ඉතා සුවිශේෂී අවස්ථාවක් බවද ඇය කියා සිටියා”
ටිෆනි විවාහ ගිවිස ගැනීමෙන් පසු ධවල මන්දිරයේදී බූලොස් සමග පෙනී සිටින ඡායාරූපයක් Instagram ගිණුමේ මෙලෙස පළ කර තිබුනේ මේ අයුරින්.