පැණියක් අල්ලන් දඟලපු දැඟීලිල්ල ගැන මන්ත්‍රී අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කියූ දේ (VIDEO)

January 20, 2021 at 12:08 PM

කොවිඩ් -19 වෛරසය කිසිදු මනුෂ්‍යයෙකුට ආසාදනය වීම දැකීම තමාගේ කැමැත්ත හෝ සතුටට හේතුවන කරුණක් නොවුනත් පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වීම ගැන තමන් සතුටට පත්වන එක් කරුණක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

” පියල් නිශාන්ත ඇමතිවරයා ධම්මික පැණියෙන් කෝප්පයක් බිව්වා. එහෙම පැණි කෝප්පයක් බීපු කෙනාටත් වෛරසය ආසාදනය වුනා කියන දෙයින් ඔප්පු වෙනවා මේ පැණිය බොරුවක් කියලා. ඒ ගැන මම සතුටු වෙනවා. අනිත් අතින් එතුමාට වෛරසය ආසාදනය වුණා කියලා මම සතුටු වෙන්නේ නැහැ.

අපේ රටේ සෞඛ්‍ය ඇමතිනිය පැණිය බීලා ඇහෙන් තමයි ප්‍රතිචාරය දැක්වූයේ ඒක මරු කියලා. මම ඔබතුමියට මේ ආදරෙන් කියන්නේ කවුරු හරි වහ කුප්පියක් ගෙනත් දෙයි. ඒක නිසා ගෙනත් දෙන හැමදේම බොන්න යන්න එපා.

රටේ සෞඛ්‍ය ඇමතිනිය හැටියට ඔබතුමියට වගකීමක් තියෙනවා ඔය දේවල් ගැන හරියට පර්යේෂණයක් කරලා බලන්න කියන්න. නමුත් එහෙම නොකර රටටම පෙන්න බීලා පෙන්නුවම හරියන්නේ නැහැ” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.

පැණිය පාර්ලිමේන්තුවට ආව දවසේ කථානායකවරයාගේ හැසිරීම ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැහැදිලි කරේ මේ අයුරින්,