පාස්කු ප්‍රහාරයේ කෝටිපති ව්‍යාපාරිකයාට හිමි තඹ කම්හලේ සේවකයින් 10 දෙනා නිදහස් කෙරේ

January 20, 2021 at 1:33 PM

පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් නිදහස් කර තිබෙනවා.

මෙම සිදධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නිතිපතිවරයා ලබාදී ඇති අතර සැකකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එලෙස නිදහස් කර තිබෙනවා.

ශෙයියදු අලි මොහොමඩ් අෆිල්, ඩයගම පදිංචි මහාවංශ මුදියන්සේලාගේ සමන්ත, බඩල්කුඹුර පදිංචි මොහොම්මදු වංගීර් මොහොමඩ් වංගීර්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් සාලීහු මොහොමද් ආරුස්, බඩල්කුඹුර පදිංචි මොහොමඩ් අස්වාන් මොහොමඩ් අස්කම්, පෙරියමඩු පදිංචි සලීම් සන්හින්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් හිදාර් මොහොමඩ් සුමෙයිර්, හපුතලේ පදිංචි රෙන්ෂන් ගෝවින්ද සාලි, මුරුතලාගහමුල්ල පදිංචි හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ මෙලෙස නිදහස් කර තිබෙනවා.