ධම්මික බණ්ඩාරට එරෙහිව සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

January 20, 2021 at 11:15 AM

කොරෝනා වෛරසයට එරෙහිව පැණියක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තාට එරෙහිව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ධම්මික බණ්ඩාරට එරෙහිව පේරාදෙණිය පොලිසියට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම පැණිය ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් සමග ධම්මික බණ්ඩාර නමැත්තා ඇතිකරගෙන ඇතැයි කියන ගැටුමකදී සිදුවූ බව කියන සුළු පහරදීමක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් වී තිබෙනවා.

ධම්මික බණ්ඩාර නමැත්තා මෙම ගැටුම ඇතිකරගෙන ඇත්තේ පැණිය ලබාගැනීමට පැමිණි බටහිර වෛද්‍යවරයෙකු සමග බවයි වාර්තා වන්නේ.

අද දිනයේ ද විශාල ජනතාවක් මෙම පැණිය ලබාගැනීමට ධම්මික බණ්ඩාර නමැත්තාගේ නිවස ඉදිරිපිට රැස්ව සිටින බවයි සඳහන් වන්නේ.