MCC ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපති දැනුම් දෙයි

January 19, 2021 at 5:35 PM

MCC ගිවිසුම සහ ඊට අනුශාංගික ගිවිසුම් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම ගිවිසුම් ක්‍රියාත්මක කිරිම තුලින් නෛතිමය ගැටළු ඇති වන බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද දින ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

පිටු 20 කින් යුත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපතිවරයා උක්ත MCC ගිවිසුම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදීමක් සිදුකළ බවයි නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

මෙම උපදෙස් ලබාදීමේ දී MCC ගිවිසුම සම්බන්ධයෙන් විමර්ෂණය කිරිමට පත් කළ අගමැතිවරයාගේ කමිටු වාර්තාව සහ අනෙක් අමාත්‍යාංශ මගින් ඉදිරිපත් කළ වාර්තා ද පාදක කර ගත් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය කියා සිටියේ.