ඇමෙරිකානු නව ජනපති හෙට දිවුරුම් දෙයි. පැමිණීමට නොහැකි ජනතාව වෙනුවෙන් ධජ 191500ක් සවිකෙරේ!

January 19, 2021 at 10:27 PM

ඇමෙරිකානු නව ජනපති ලෙස ජෝ බයිඩ්න් හෙට දිවුරුම් දීමට නියමිතයි.

එම උත්සවය සංවිධානය කෙරෙන්නේ එරට වොශිංටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල පරිශ්‍රයේයි.

මෙවර සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් ඊට එක්වන පිරිස සීමා කෙරෙන බැවින් ඊට එක් වීමට නොහැකි පිරිස වෙනුවෙන් ඇමෙරිකානු ධජ 191500 කට අධික සංඛ්‍යාවක් එහි ස්ථාපිත කර ඇත.

මෙවර ඇමෙරිකානු සම්ප්‍රදාය කඩකරමින් ධූරයෙන් ඉවත්වන ජනපති ට්‍රම්ප් මෙම පදවිප්‍රාප්ති උත්සවය වර්ජනය කිරීමත් විශේෂත්වයක් .

පසුගිය දා අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ලට ට්‍රම්ප් හිතවාදීන් පිරිසක් කඩා වැදී සිදුකල කලබගෑනිය හේතුවෙන් එම පරිශ්‍රයේ ආරක්ෂාවද දැඩි කොට තිබෙනවා.