ශ්‍රී ලංකාව ඇතුළු කාලපීය රටවල් කිහිපයක් සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් සැපයීම සඳහා එම රටවල ඖෂධ නියාමන ආයතනවල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ සීෂෙල්ස් යන රටවල් සඳහා ආධාර යටතේ එන්නත් සැපයීම හෙට සිට අරඹන බව ඉන්දීය විදේශකටයුතු අමාත්‍යාංශ සඳහන් කර සිටියේ.
එසේම ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මුරුසිය සඳහා අදාළ නියාමන අනුමැතිය ලැබුණු පසු එන්නත් සැපයීමට බලාපොරොත්තු වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.