කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා. ඒ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු නව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමගයි.
ට්විටර් සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිද්ධිය සැලවීමෙන් පසු තමාද කොවිඩ් පරීක්ෂණයකට මුහුණ දුන් බවයි. එහි ප්‍රථිපල සෘණාත්මක වුවත් තමන් වෛද්‍ය උපදෙස් අනුව ස්වයං නිරෝධායනයට යොමු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.