අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් සිව් වසරක සිර දඬුවම් නියමවූ රන්ජන් රාමණායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය දැරීමට ඔහුට හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටිනවා.
අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් වසර 04 ක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදීම නිසා රන්ජන් රාමණායක මන්ත්‍රීවරයාට නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරිමට ඉඩ අවකාශ හිමිවන්නේ නැහැ.