කොවිඩ් -19 ආසාදනය වූ රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජනතාවගෙන් සිදුකළ ආයාචනය (VIDEO)

January 18, 2021 at 9:13 PM

මට හිසරදය හැදුනා මුලින්ම. ඊට පස්සේ මට පොඩ්ඩක් උණ ගත්තා. මම රෝහල්ගත වෙන්න ගියාට පස්සේ මට ඇන්ටිජන් පරික්ෂණයක් කළා. මේ රෝගයේ මූලික ලක්ෂණය ලෙස පෙන්නුවේ හිසරදය. ඊට පස්සේ උණ ගත්තා. ඇත්තට මම ජනතාවගෙන් ඉල්ලන්නේ කිසිම අවස්ථාවකදී මහජනතාව ගැවසෙන තැන්වල ගැවසෙන්න යන්න එපා. ඇත්තටම මහජනතාව ගැවසුන තැන්වල ඉඳලා තමයි බොහෝ විට මට රෝගය ආසාදනය වෙන්නට ඇත්තේ” කොවිඩ් වෛරසය ආසාදනය වූ රත්ගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ධර්මසිරි ද සිල්වා ජනතාවගෙන් මෙසේ ආයාචනා කර සිටියා.

ධර්මසිරි ද සිල්වා මන්ත්‍රීවරයා මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිය ජංගම දුරකථනයෙන් “අද දෙරණ” රුපවාහිනිය වෙත එවූ වීඩියෝවක් මාර්ගයෙන් ඔහු තමන්ට අත්විදීමට සිදුවූ රෝග ලක්ෂණ ගැන මෙසේ හෙළිකර සිටියා.

“මට හිසරදය හැදුනා මුලින්ම. ඊට පස්සේ මට පොඩ්ඩක් උණ ගත්තා. මම රෝහල්ගත වෙන්න ගියාට පස්සේ මට ඇන්ටිජන් පරික්ෂණයක් කළා. මේ රෝගයේ මූලික ලක්ෂණය ලෙස පෙන්නුවේ හිසරදය. ඊට පස්සේ උණ ගත්තා. ඇත්තට මම ජනතාවගෙන් ඉල්ලන්නේ කිසිම අවස්ථාවකදී මහජනතාව ගැවසෙන තැන්වල ගැවසෙන්න යන්න එපා. ඇත්තටම මහජනතාව ගැවසුන තැන්වල ඉඳලා තමයි බොහෝ විට මට රෝගය ආසාදනය වෙන්නට ඇත්තේ කියලා. ඒ නිසා මම දෙවියන්ට කියනවා මේ ජනතාවට කිසිම ප්‍රශ්නයක් නොවී, මම ආශ්‍රය කළ සියලුදෙනා දින 14 නිවසට වී සිටින්න. ඒක අපි සියලුදෙනාටම හොඳයි. මම සියලුදෙනාටම කියන්නේ මේ ලෙඩෙන් පරිස්සම් වෙන්න ඕනේ. මේ රෝගයෙන් පරිස්සම්වෙන්න ඕනේ නම් නිවසට වෙලා සිටින්න. අවශ්‍යතාවයට විතරක් නගරයට යන එක ඇරෙන්නට නිකරුණේ කාලය ගත කරන්න එපා.“