බස්නාහිර පළාතෙන් පිටව යන්නන් වෙනුවෙන් ස්ථාන 11කදී මීට පෙර දෙසැම්බර් මාසය අගදී ක්‍රියාත්මක කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වැඩ පිලිවෙල අද සිට යළි ක්‍රියාත්මක කර ඇත .
එමෙන්ම මේ වනවිට මුව ආවරණ රහිත පුද්ගලයන් 2300ක ට පමණ එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කරයි.
තවද බස්නාහිර පළාතේ මුව ආවරණ රහිත පුපුද්ගලයින් 43දෙනෙකු ආසාදිතයින් ලෙසද හඳුනා ගෙන ඇති බව ඔහු සඳහන් කළේය
ඒ කොවිඩ් පරීක්ෂණ වලට ලක් කළ 2500කට ආසන්න පිරිසකගෙනි.
මේ අතර දීර්ඝ කාලයක් හුදකළාකර තිබූ කොළඹ මධ්‍යම හා උතුර ප්‍රදේශවල සමූහ ජනගැසිරීම් යලි ඉහළ ගොස් ඇතිබවට සිවිල් පොලිස් නිලධාරීන් කල නිරීක්ෂණ වලදී හෙළිව තිබේ.
මේ සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන අතර අවශ්‍ය වුවහොත් යලි නිරෝධායන නීති පැණවීමට සිදුවන බවද ඔහු පැවසීය .