මන්ත්‍රී රාවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වෙයි

January 10, 2021 at 9:34 AM

සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටිනවා.

” අද දිනයේදී මම කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වුවා. ඒ අනුව මම නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළු වනවා. පසුගිය දින 10 ක කාලය තුලදී මා සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනවා” යැයි මන්ත්‍රීවරයා ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.