යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (PHOTOS)

January 9, 2021 at 12:06 AM

යාපනය විශ්ව විද්‍යාලයේ පිහිටි මුල්ලිවයිකල් ස්මාරකය කඩා ඉවත් කොට ඇති අතර ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී ඇති බව යාපනය පදනම් කරගත් උදයන් පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මෙම ස්මාරකය ප්‍රථම වරට නිරාවරණය කරනු ලැබුවේ යුද්ධය අවසන් වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් 2019 දීය.

“අද සවස යාපනයේ විශ්ව විද්‍යාල පරිශ්‍රයට පොලීසිය ඇතුළු වී යුද්ධයේ අවසාන අදියරවල දී මියගිය අය සඳහා ඉදිකරන ලද යුද ස්මාරකය බුල්ඩෝවක් මගින් ඉවත් කර දමනු ලැබ තිබෙනවා. ඔවුන් නැවැත්වීමට උත්සාහ කළ විශ්ව විද්‍යාල සිසුන් පොලිසිය පන්නා දමා ස්මාරකය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බවයි යාපනයේ මාධ්‍යවේදී එස්. රුබතිසන් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියා.