ETI අධ්‍යක්ෂකවරුන් රක්ෂිත බන්ධනාගාරයට

January 9, 2021 at 6:14 PM

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් හි අධ්‍යක්ෂකවරුන් වන නාලක, අසංක, ජීවක සහ දීපා එදිරිසිංහ මෙම මස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

සාපරාධී අයථා පරිහරණය, ​​වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය ඇතුළු වෙනත් චෝදනා සම්බන්ධයෙන් ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරනු ලබන නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, ජීවක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කරනු ලැබුවා.

ඒ අනුව ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව අද සවස අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.