බසය ඇලකට පෙරලි 30ක් රෝහලේ

January 9, 2021 at 10:53 AM

පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේශයේ දී බස්රථයක් ඇළකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 30කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

අද (09) අදෑසන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් රැගත් බස්රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධිත ඇළකට පෙරළී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේ.

බස්රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඇළ මාර්ගයට පෙරළී ඇත. අනතුරෙන් තුවාල ලැබු පිරිස පොළොන්නරුව සහ පුලස්තිපුර රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් පුලස්තිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Image may contain: one or more people and outdoor, text that says 'f'

Image may contain: one or more people, outdoor and text

Image may contain: outdoor

( ජයාරූප : Accident 1st ෆේස්බුක් පිටුවෙන් )