තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

January 9, 2021 at 2:27 PM

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් වසමේ ගම්මාන කිහිපයක සිදුකළ තෝරාගත් පුද්ගලයින් ඉලක්ක කර ගෙන සිදුකළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් 26 දෙනෙකු වාර්තා වී තිබේ. මේ හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කිරීමට ලක් කොට ඇත.

පන්නල – මුම්මාන ග්‍රාම නිලධාරි වසම
වෑත්තෑව ග්‍රාම නිලධාරි වසම.

මිට අමතරව පුජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ දහුදෙකලා ලක් කොට තිබේ.