කෑගල්ලේ කොවිඩ් රෝගීන්ට අධික උණ! නව ප්‍රභේදයක් දැයි GMOA ට සැකයක්.

January 8, 2021 at 2:10 PM

කෑගල්ල ප්‍රදේශයෙන් පසුගිය දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයින් අධික උණ රෝගලක්ෂණ පෙන්වන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවසයි.

වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසන්නේ මෙය බොහෝ විට නව කොවිඩ් ප්‍රභේදයක් දැයි සැක මතුවන බවයි.

එලෙස නව කොවිඩ් ප්‍රභේද පිලිබඳව පරීක්ෂණ පැවැත්වීමේ හැකියාවක් ඇත්තේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ රසායනාගාරවල පමණක් බැවින් එම රෝගී සාම්පල වහාම එහි යවා පරීක්ෂා කළයුතු බව ඔහු සඳහන් කළේය.

කෑගල්ලෙන් මෙලෙස ආසාදිතයින් ඉහළයාම ගැන පසුගියදා තම සංගමය අනතුරු ඇඟෙව්වේ එම ප්‍රදේශයේ දේශීය ඖෂධ නාමයෙන් සිදුකරන ලද ප්‍රචාරණ වලට පසුව අධික ජන ඒකරාශිවීම් වාර්තා වීමත් සමග බව ඔහු සිහිපත් කළේය.