රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොවිඩ් ආසාදිත වීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කතාබහක් මතුවිය.
පසුගිය දා හිටපු කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වරයා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් පැවැති සාදයේදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සමග එක්ව ගීගැයූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද ඒ අනුව අද PCR පරීක්ෂණයක් සිදුකරගෙන ඇත.
අදාල වාර්තාව සිය ට්විටර් ගිනුමේ පළකරමින් ඔහු පවසා තිබුනේ එම වාර්තාව නෙගටිව් බවයි.
එම පරීක්ෂණයට ඔහු මුහුණ දී ඇත්තේ පෞද්ගලික රෝහලකදීය.
පෙරවරුවේ ලබාදුන් සාම්පල වල ප්‍රතිඵලය පස්වරුවේ ලැබී ඇත.