විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වසා දැමේ : සේවකයෙකුට කොරෝනා

January 8, 2021 at 11:43 AM

කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හමුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර සිටියා.

මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් වාර්තා වූ ආසාදිතයාගේ පළමු පෙලේ ආසාදිතයින් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.