එදිරිසිංහ ට්රස්ට් ඉන්වෙස්ට්මන්ට් හි අධ්යක්ෂකවරුන් වන නාලක, අසංක, ජීවක සහ දීපා එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සාපරාධී අයථා පරිහරණය, වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය ඇතුළු වෙනත් චෝදනා සම්බන්ධයෙන් ETI සමාගමේ අධ්යක්ෂකවරුන් ලෙස කටයුතු කරනු ලබන නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, ජීවක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබීම හේතුවෙන්.