දින දෙකකදී මාස්ක් නැති ආසාදිතයින් 16ක් කොළඹින් හමුවේ

January 7, 2021 at 7:38 AM

බස්නාහිර පළාතේ මුව ආවරණ නොමැතිව සැරිසැරූ තවත් 252 කුට ඇන්ටිජන් පරීක්ෂණ සහ තවත් 271දෙනෙකුට PCR පරීක්ෂණ ද සිදුකර තිබේ.

ඉන් ඇන්ටිජන් පරීක්ෂණ කළ පිරිසෙන් දෙදෙනෙකු ආසාදිත බව හඳුනා ගෙන ඇත.

පෙරේදා ත් මෙලෙස හඳුනාගත් 14ක් ආසාදිත බව තගවුරු වී තිබේ .

මේ අනුව ගතවූ දින දෙක තුල හඳුනාගත් මුව ආවරණ නොමැති ආසාදිතයින් ගණන 16කි.

මීට අමතරව මුව ආවරණ නොමැති තවත් 700කට අධික පිරිසක් සඳහා PCR පරීක්ෂණ ප්‍රතිපල ඉදිරියේදී ලැබීමට නියමිතය .