විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ අනුමැතිය යටතේ නිකුත් කොට තිබෙනවා.
එම මාර්ගෝපදේශ අනුව මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් තමන් ගේ ගුවන් යානයට ගොඩ විමට පැය 96 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබීම අනිවාර්ය කොට ඇත.
මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළේ දී යලිත් වරක් PCR පරීක්ෂණයකට ලක්කෙරෙන අතර ඔවුන් සහතික කරන ලද හෝටලයක දින 14 ක කාලයක් නවාතැන් ගැනීමට ඔවුන්ට හැකිය.
මෙරටට පැමිණීමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වුවහොත් ඔවුන්ට ආරක්ෂිත බුබුලක් ලෙස වෙනත් හෝටල් කරා යෑමට අවසරය හිමිවේ.
මෙම දින 14 කාල සිමාව තුලදී සංචාරකයින්ට හෝටල් පරිශ්‍රයන් තුලින් පිටතට යාමට අවසරය හිමි නොවේ.
ගුවන් යානා වලින් පැමිණෙන සංචාරකයින් වෙනත් සංචාරකයින් සමග මිශ්‍ර විමට ඉඩ නොදීමට අදාළ සංචාරකයින් රැගෙන එනු ලබන සමාගම් විසින් කටයුතු කළ යුතුව ඇති අතර ඔවුන්ගේ නවාතැන් ගන්නා හෝටල්, ප්‍රවාහන පහසුකම් ආදිය සැපයීමද මෙම ක්‍රමවේදය අනුව සිදුකළ යුතුය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කළ සංචාරකයින් සඳහා වන මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ :