රටේ සම්පත් විකිණීමට හෝ බදු දීමට ආණ්ඩුවකට හැකියාවක් නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් අවධාරණය කර සිටිනවා.
සංචාරකයින් ගෙන්වා ගැනීමට වඩා ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම ආණ්ඩුවේ වගකීම බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
මුතුරාජවෙල ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා පරිසර සංවිධාන සමඟ එක්ව අගරදගුරු නිළ නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
මුතුරාජවෙල පරිසර පද්ධතියට හානිවන අයුරින් දියත්කිරීමට සූදානම්වන ව්‍යාපෘතියට එරෙහිව නැගීසිටින ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටීනවා.
පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 700ක භූමි ප්‍රමාණයක් අත්තනෝමතික අයුරින් නව ව්‍යාපෘතියක් සඳහා යොදාගනිමින් සිටින බවත් එමගින් එම කලාපයට විශාල හානියක් සිදුවෙමින් පවතින බවත් මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය අද (07) අනාවරණය කර සිටියා.