විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් වන ගුවන් යානා ලබන සතියේ සිට වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවත් එලෙස පැමිණෙන සියලු දෙනාට රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.
එම ට්විටර් සටහන අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ විදේශගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමෙන් පසු තවදුරටත් ගෙවීම් සිදුකොට නිරෝධායනයට ලක් විම අවශ්‍ය නොවන බවයි.
එමෙන්ම විදේශ ගත ශ්‍රමිකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වන උනන්දුව සහ ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ස්තුතිය පුදකර සිටිනවා.