පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු දුන් පුද්ගලයෙකු ලබන 18 දක්වා රිමාන්ඩ් කෙරේ

January 7, 2021 at 10:36 AM

පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (5) දිනයේ මෙම පුද්ගලයා විසින් එම අංකය අමතා ලබාදී තිබූ තොරතුර ව්‍යාජ එකක් බවත් ඔහු විසින් පොලීසිය නොමග යැවීමේ චේතනාවෙන් එම තොරතුර ලබාදී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව පොලිසිය විසින් අදාළ ව්‍යාජ තොරතුර ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වනවා.

දීර්ඝ කාලයක් අමෙරිකාවේ සහ ඉරානයේ පදිංචිව සිට මෙරටට පැමිණ සිටි ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.