විදේශ රටවල සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් ආපසු ගෙන්වීමේදී මාෆියාවක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය ආමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ.
ඔහු එහි දී වැඩිදුරටත් පැවසූවේ, මෙලෙස විශාල මුදලක් අයකරමින් විදෙස් ශ්‍රමිකයින් ගෙන්වීම මහා අපරාධයක් බවයි.
“මැදපෙරදිග රටවල සිට එන විදේශ ශ්‍රමිකයින් ගෙන් මෙම සංවිධානාත්මක පිරිස ආසාධාරණය ලෙස ගසා කෑමකට ලක් කර තිබෙනවා. විදේශගතව සිට ඒමට බලාපොරොත්තු වන පිරිස ගේ නම් ලැයිස්තුගත කරන්න මෙම පිරිස ශ්‍රමිකයින්ගෙන් මුදල් ගසාකෑමේ කටයුත්තක් සිදුකරනවා.
ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව බලයට ගෙන එන්න මෙම විදෙස්ගත ශ්‍රමිකයින් බොහෝ කැපවීම් සිදුකළා. නමුත් මේ සිදුවන දේවල් නිසා දැන් ඔවුන් පවා ඉන්නේ රජය ගැන එතරම් පැහැදීමකින් නොවේ. මේ ජනාධිපතිතුමා කිව්ව ක්‍රමවේදය නෙමෙයි. මේක තනිකරම මාෆියාවක්” යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කියා සිටියා.