ධම්මික පැණිය යොදා ගෙන සායනික පර්යේෂණ සිදුකිරීමට අනුමැතිය

January 6, 2021 at 7:22 PM

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ “ශ්‍රී වීර භද්‍රධම්ම කොරෝනා නිවාරණ ප්‍රතිශක්ති ජීව පානය” නම් ඖෂධය යොදාගෙන සායනික පර්යේෂණ කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ ඊට අදාළ ලිපිය අනුරාධපුර ශික්ෂණ රෝහලට, අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ සහ උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට යොමුකළ බවයි.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදනය කරන ලද පැණියට පසුගියදා දෙසැම්බර් 30 වනදා රජරට විශ්වවිද්‍යාලයේ ආචාරධර්ම කමිටුවේ අනුමැතිය හිමිවිය.

පසුව එම ඖෂධ පැණිය කොවිඩ් ආසාදිතයන් සඳහා සායනික මට්ටමින් පරීක්ෂණයට යොමුකිරීමට කටයුතු කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.