කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පවරන්න තීරණයක් ගෙන නැහැ

January 6, 2021 at 2:41 PM

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය හෝ මුළු අයිතියෙන් කොටසක් හෝ විදෙස් සමාගමකට පැවරීමට රජය තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

“පැවැති යහපාලන රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹී ඇත. එම ගිවිසුම්වල පිටපත් සභාගත කරමි. අප රජය විසින් මෙම නැගෙනහිර ජැටියේ කළමනාකරණය, මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැත.” යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.