දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මිරිස්ස – බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ කොකනට් හිල්ස් නමින් ප්‍රසිද්ධ ස්ථානයේ කොන්ක්‍රීට් කණු සවිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වැලිගම ප්‍රාදේශීය සභාවට ලිපි යොමුකර තිබෙනවා.
එමගින් පොලිසිය දන්වා ඇත්තේ මෙලෙස ඉඩම් වෙන් කිරීමට අදාළව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග නිසියාකාරව ගෙන ඇත්ද යන්න පිළිබඳව කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙසටයි.
එලෙස නිසියාකාරව කටයුතු කර නොමැති නම් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද පොලිසිය අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබෙනවා.
මෙම භූමිය බොහෝ කාලයක සිට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද ආකර්ශනයට ලක්වූ ස්ථානයක්. මෙහි කොන්ක්‍රීට් කණු සවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කථාබහක්ද ඇතිවුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගමැති මහතාගේ ද අවධානය යොමු වී තිබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.