ඉස්ලාම් විවාහ පනත වෙනස් කරනවා : ජාතික සමගිය වෙනුවට මාධ්‍ය වෛරය පතුරුවනවා – අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය (VIDEO)

January 6, 2021 at 6:50 PM

ජාතින් අතර එකමුතුකම, දයාව ඇති කරලීම සඳහා පාර්ලිමේන්තුව යොදා ගත යුතු බවත් එය වෛරය, ආගම් සහ ජාතින් අතර භේද පැතිරවීමට තෝතැන්නක් වීම වලක්වා ගැනීමට කටයුතු කළ යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට නිතිය ක්‍රියාත්මක විය යුතු බවත් එය සිදුකිරීම රජය වගකීම බවත්, ඊට සම්බන්ධ නොවු පුද්ගලයින්ට කිසිදු හානියක් සිදුනොකිරීමට ද වැදගත් බවයි මෙහිදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ.

ජාති භේද පැතිරවීම සඳහා ඇතැම් මාධ්‍ය විසින් සිදුකරනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් ද අධිකරණ අමාත්‍යවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර මුස්ලිම් විවාහ නිතිය වෙනස් කිරීමට තමන් කටයුතු කරන බවත් විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.