මාවනැල්ල බුදු පිළිම වලට හානි කළ අයෙක් අත්අඩංගුවට

January 5, 2021 at 10:56 AM

මාවනැල්ල ඉඹුල ප්‍රදේයේ පසුගිය 28 වනදා රාත්‍රීයේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

“අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රියන්ත සම්පත් කුමාර නැමැති පුද්ගලයෙක්. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට වාර්තා වෙනවා. සැකකරු මීට පෙරද පූජනීය ස්ථාන ආශ්‍රිතව තිබූ පිංකැට බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පත්වී ඇති අයෙක්. ඔහු විසින් සිදුකළ පාපෝච්චාරණයකට අනුව මෙම බුදු පිළිම වහන්සේ අසළ තිබී රුපියල් 60ක පමණ මුදලක් ඔහු ලබාගත් බවටත් වාර්තා වී තිබෙනවා,” යැයි පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.