බන්ධනාගාරයේ සිටියදී පාතාල නායකයින්ගෙන් වරප්‍රසාද වින්දා – හිටපු ඇමති එස්.බි. කියයි (VIDEO)

January 5, 2021 at 8:16 PM

බන්ධනාගාර ගතව සිටියදී තමන්ට ද චීස්, කේක් ඇතුළු සියලු වරප්‍රසාද විදීමට හැකිවූ බව හිටපු අමාත්‍ය එස්.බි.දිසානායක ප්‍රකාශ කර සිටිනවා. බන්ධනාගාර ගතව සිටි සමයේදී එහි සිටි පාතාල නායකයින් නිසා තමන්ටද ඒ හරහා වාසියක් ඇතිවූ බවයි මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේ කියා සිටියා,

” ලංකාවේ පාතාලය මෙහෙයවුයේ බන්ධනාගාරයෙන්. මත්ද්‍රව්‍ය පමණක් නොවේ සියලුම පාතාල කටයුතු දිවයින පුරා මෙහෙයවන්නේ. මේ රටේ සිටින ඇතැම් පාතාල නායකයින් තමන්ට අවශ්‍ය උනාම බන්ධනාගාර ගත වෙනවා. ඒ ගැන මටත් හොද අත්දැකීමක් තිබෙනවා. මොකද මමත් වසර එකහමාරක් විතර බන්ධනාගාර ගත වෙලා හිටිය නිසා.

එහෙම පාතාල නායකයින් බන්ධනාගාර ගත උනාම ඔවුන්ව බලන්න උදේට එන පුද්ගලයින් ගෙනත් දෙන බඩු වල වටිනාකම රුපියල් ලක්ෂයක් විතර වෙනවා. මම මේ කියන්නේ 2004 -2006 කාල සීමාවේදී. ඒ කාලේ රුපියල් ලක්ෂයක් කියන්නේ ලොකු මුදලක්.

මේ විසිට් එකේ එන බඩු වල බිස්කට්, චීස්, මත්පැන් බෝතල් වගේම ලක්ස් සබන් කැට තියනවා. මටත් මේ අය ඒවා දුන්නා” හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.