ට්‍රක් රථ රියැදුරෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසා අහිමිවූ ජීවිතය (VIDEO)

January 5, 2021 at 11:55 PM

බලංගොඩ ප්‍රදේශයේ දී අද දහවල් සිදුවූ මාරාන්තික රිය අනතුරකින් යතුරුපදිකරුවෙකු ජිවිතක්ෂයට පත්වුවා.

බලංගොඩ නගර මධ්‍යයේ දී ඉතා වේගයෙන් සහ අපරික්ෂාකාරීව ධාවනය වූ ට්‍රක් රථ රියැදුරෙකු මාර්ගයේ පිහිටි කහ ඉර ආසන්නයේ නතර කොට තිබු සෙසු වාහන පසුකර ඉදිරියට යාමට උත්සහ දරන අවස්ථාවේදි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදිකරු මෙලෙස ට්‍රක් රථයේ ගැටීමෙන් ජිවිතක්ෂයට පත්වුවා.