ජනවාරි 23න් පසු සංචාරකයින්ට මෙරට සංචාරය කිරීමට අවසර හිමිවන ස්ථාන 12

January 5, 2021 at 3:26 PM

ලබන 21 වනදා වනවිට ගුවන්තොටුපොළ සංචාරකයින් සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

නියමු ව්‍යාපෘතිය ඔස්සේ ලබාගත් අත්දැකීම් සැලකිල්ලට ගනිමින් ගුවන්තොටුපොළ මෙලෙස විවෘත කරන බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව 23 වනදා වනවිට සම්පූර්ණ ගුවන්තොටුපොළ සංචාරකයින්ට විවෘත කරන්නට හැකි බවද සඳහන් කළේය.

“2019 වර්ෂයේ මාර්තු 19 වැනිදා ගුවන්තොටුපොළ වැහුවා. එදා ඉඳන් මේ මාස 10 දක්වා සංචාරකයෝ පැමිණීමක් සිදුවුණේ නෑ. මේ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කරන්න අපි ගිය ජූනි මාසේ සිට විවිධ සැලසුම් හැදුවා. මේ වෙලාව හොඳ ඉල්ලුමක් තියෙන අවස්ථාවක්. මේක කඩිනමින් ක්‍රියාත්මක කරන්න හොඳම අවස්ථාව මේ වෙලාවයි. ඒ අනුව අපි බලාපොරොත්තුවෙනවා ජනවාරි මාසේ 21 වෙනිදා සිට කියලා අපි කියන්නේ, 23 වෙනිදා වෙනකොට සම්පූර්ණ ගුවන්තොටුපොළ සංචාරකයින්ට විවෘත කරන්න. දැන් හඳුනාගත් මූලික ගැටලු විසඳාගෙන අපි ඒ සඳහා සූදානම් වෙනවා.

ඒ වගේම සංචාරකයින් මෙරටට ගෙන්වන ආයතන හරහා පැමිණෙන සංචාරකයින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීම අනිවාර්යයි. ඒ වගේම තමයි මෙරටට පැමිණෙන සංචාරකයින්ට සංචාරය කළ හැකි ස්ථාන 12ක් අප හඳුනා ගෙන තිබෙනවා. ඒ සංචාරකයින්ට එම සංචාරක කලාප වලට යාමට හැකියාව ලැබෙනවා” යැයි අමාත්‍යවරයා කියා සිටියා.

සංචාරකයින්ට යා හැකි ස්ථාන 12 පහතින් දැක්වේ :

1. ශ්‍රී දළදා මාලිගාව
2. යාල ජාතික වනෝද්‍යානය
3. මිනේරියා ජාතික වනෝද්‍යානය
4. සිගිරිය
5. දඹුල්ල පන්සල
6. උඩවලව
7. හෝර්ටන් තැන්න
8. සිංහරාජා වනාන්තරය
9. පෙරදේනිය උද්භිද උද්‍යාන
10. පින්නවල අලි අනාථාගාරය
11. තල්මසුන් නැරඹීම
12. සළුසල