කොවිඩ් -19 වෛරසය සඳහා වන පළමු එන්නත මෙරටට පුද්ගලයින්ට ලබාදීමට හැකි දින වකවානු පිළිබඳව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග අනාවරණය කර සිටිනවා.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර කොවිඩ් -19 වෛරසය සඳහා වන පළමු එන්නත මෙරටට පුද්ගලයින්ට ලබාදීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. ඒ සඳහා වන සාකච්ඡා මේ වනවිටත් අවසන් මට්ටමේ පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
“ඉදිරි දිනයකදී මට හරියටම කියන්න පුළුවන් වෙයි. දැන් තියෙන තතත්ත්වය දිහා බැලුවම කියන්න පුළුවන් මේක අඩුගානේ පෙබරවාරි අවසානයේ මාර්තු මුල සතියේ වගේ කාලය තුළ මේ රටේ පටන් ගන්න පුළුවන් කියලා. සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර අනිවාර්යයෙන්ම. පළමුවෙන්ම අපි මේ එන්නත ලබා දෙන්නේ ඉදිරිපෙළ වැඩ කරන සෞඛ්‍ය සේවක සේවිකාවන්ට. දැනට ඉන්නවා 155,000ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයත් ඒකයි. දෙවනුව ඉදිරිපෙළ ඉන්න ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පිරිසට මේ එන්නත ලබා දෙනවා. ඒ අය ඉන්නවා 127,500ක්. ජාතික එන්නත්කරන සැලැස්මේ කොටසක් මේක.” ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසා සිටියා.
එමෙන්ම එන්නත් ලබාගැනීම සඳහා අවශ්‍යකරන මුල්‍ය සම්පාදන කටයුතු ද මේ වනවිට සිදුකර අවසන් බවයි පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් සමග පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙහිදී වැඩිදුරත් කියා සිටියේ.
මේ අතර කොවිඩ් 19 වෛරසය සඳහා සුරක්ෂිත සහ එලදායි එන්නතක් නිෂ්පාදනය කළ පසු එම එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරිම සඳහා රජයන් සහ අදාළ එන්නත් නිෂ්පාදන සමාගම් ඒකාබද්ධ කරන කෝවැක්ස් පහසුකම යටතේ ගිවිසුම් ගත වීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
මෙම එන්නත් පහසුකම ලබා ගැනීම සඳහා අදියර දෙකක් යටතේ එන්නත් ඉල්ලුම් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාව පසුගිය දෙසැම්බර් මස 07 වෙනිදා පළමු සහ A කොටස සම්පුර්ණ කොට ඇත.
එහි දෙවන කොටස වන එන්නත ලබා ගැනීම සහ ඊට අදාළ වන්දිපුරණ ගිවිසුමට එළඹීමට මෙම මස 08 වෙනිදා අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව කොවැක්ස් සඳහා වන එන්නත් ඉල්ලීමේ B කොටස ඉදිරිපත් කිරිමට සහ එම පහසුකම මගින් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළඹීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.